Home Blog Page 9

මෙවර ජනාධිපතිවරණයේ දී සිදුවන අලුත් දේ.

මෙවර ජනාධිපතිවරණයේ දී දෘෂ්‍යාබාධිත සහ ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැලසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මෙරට ඡන්දයකදී මෙම අවස්ථාව ලබාදෙන්නේ පළමුවරටයි.

දෘෂ්‍යාබාධිත ප්‍රජාවට බ්‍රේල් ක්‍රමයෙන් ඡන්ද පත්‍රිකාවේ සලකුණු හඳුනා ගැනීමට හැකිවන පරිදි විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට සංඥා භාෂාවෙන් ඡන්ද පත්‍රිකාව පිළිබඳ දැනුවත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළා.

එක් එක් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කරන දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත පිරිස් ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන බව ඔහු පැවසුවා.

මීට අමතරව ශාරීරික දුබලතා ඇති පුද්ගලයින්ට ඡන්ද මධ්‍යස්ථාන සඳහා ප්‍රවේශ වීමට විශේෂ පහසුකම් සලසන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපතිවරණයට අදාළව හදිසි තීරණයක්.

ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

ඒ, ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තුරන් කිරීමේ අරමුණින් බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රා මදින්නෙකුට රු. 380,000ක මාසික වැටුපක්.

තම සමාගම යටතේ සේවය කරන රා මදින්නෙකු, පසුගිය මාසයේ දී රු. 380,000 ක වැටුපක් ලබා ගෙන ඇති බව මෙරට ප්‍රමුඛතම මත්පැන් නිෂ්පාදන සමාගමක ප්‍රධානියෙකු අද දෙරණ Business වෙත පැවසීය.  ඔහු පැවසුවේ එම පුද්ගලයා රු. 60,000 ක් ඉක්ම වු ආදායම් බදු ප්‍රමාණයක් ද එම මාසය තුළ ගෙවා ඇති බවයි.

කෙසේවෙතත් වෘත්තීයමය රා මදින්නන්ගේ දැඩි හිඟයක් පැවතීම, මේ වන විට තම කර්මාන්තයට එල්ල වී ඇති ප්‍රධාන අභියෝගයක් වී ඇති බව එම සමාගම් ප්‍රධානියා අද දෙරණ Business වෙත වැඩිදුරටත් පැවසීය. ඔහු පැවසුවේ සමාජ පිළිගැනීම සහ වෘත්තියේ ඇති අවදානම් ස්වභාවය සැලකිල්ලට ගනිමින්, බොහෝ විට තරුණයන් මෙම රැකියා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට මැලිකමක් දක්වන බවයි.

අක්කර 130 ක් ඉක්මවූ සිය සමාගමේ පොල් වතු යායෙහි දෙදහස ඉක්මවූ පොල් ගස් ප්‍රමාණයක් තිබුණ ද , රා මැදීම සඳහා මේ වන විට එයින් භාවිතයට ගැනෙන්නේ පොල් ගස් 1,100 ක් පමණ බවත්, වෘත්තීය රා මදින්නන්ගේ හිඟය මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

රා මදින්නන් සඳහා ගෙවීම් සිදුකිරීම ඔවුන් විසින් දෛනිකව ලබා ගන්නා රා ලීටර් ප්‍රමාණය අනුව තීරණය වේ. සාමාන්‍යයෙන් පළපුරුදු රා මදින්නෙකු හට දිනකට ගස් 100 කට වැඩි ප්‍රමාණයකින් රා ලබා ගැනීමට හැකියාව ඇති බව ද මෙහිදී අනාවරණය විය.

මේ අතර මෙරට වෘත්තීයමය රා මදින්නන් බිහිකිරීම සඳහා ජාතික ආධුනිකත්ව මණ්ඩලය මේ වන විට වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඒ සති දෙකක විධිමත් පුහුණුවකින් පසු, රා මදින්නන් වෙනුවෙන් ජාතික වෘත්තිය නිපුණතා (NVQ -3 මට්ටමේ) සහතිකපතක් ලබාදීමට පියවර ගෙන තිබීමයි. ඒ අනුව අතීතයේ දී සමාජයේ පිළිගත් වෘත්තීය ක්ෂේත්‍රයක් නොවූ රා මැදීම, අද වන විට වෘත්තීය මට්ටමේ රැකියාවක් දක්වා ඉහළට පැමිණ තිබීමත්, ඒ සමඟ ඉහළ වැටුප් තලයකට හිමිකම් කීමට ඔවුන්ට හැකියාව ලැබී තිබීමත් විශේෂත්වයකි.

ජනපති රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම් වෙයි.

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය නොදෙන්නේ නම් එදිනම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා හෙලි කලා.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයද සකස් කර තිබෙන බව මන්ත්‍රීවරයා මෙහිදී හෙලි කලා.

ජනාධිපතිවරණයට පක්ෂය විසින් අපේක්ෂකයෙකු ඉදිරිපත්කරන බව පවසමින් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරයාට අභියෝග කරමින් පසුවෙන පසුබිමක මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කර ගැනීම ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමට අභියෝගයක් ඇතිව තිබෙන බවද වලේබොඩ මහතා වැඩිදුරටත් සදහන් කලා.

ළිඳකින් හමුවූ සිව්හැවිරිදි දැරියගේ ම#රණයේ සුලමුල හෙළිවෙයි

රුවන්වැල්ල පොලිස් වසමේ යටියන්තොට ප්‍රදේශයේ මිය ගිය සිව් හැවිරිදි දැරිය ඇයගේ මව විසින් ළිඳට දමා ඝාතනය කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

මියගිය දෙව්මි අමායා අවුරුදු 4යි මාස 10ක් වයසැති කිරිපෝරුව වත්ත – යටියන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි පුංචි දියණියක්.

පුංචි දැරියක් ළිඳකට වැටී මිය ගොස් ඇති බවට රුවන්වැල්ල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.

එම සිදුවීම පසුගිය 16 වැනිදා රාත්‍රී 11ත් පසුදින අලුයම 5.30ත් කාලයේ සිදුව ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ දැරියගේ මව විසින් දැරිය ළිඳට දමා ඝාතනය කර ඇති බවයි.

මියගිය දැරියගේ මව ගොළු කාන්තාවක් වන අතර, ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බව සඳහන්.

ඒ අනුව ඇය මේ වනවිට කරවනැල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ඇය ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

පුංචි දියණියගේ මෘත ශරීරය ඥාතීන්ට භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

හතරෙන් එකකට ආඝාතය – ජීවිතය නැති කරන්නත් පුළුවන්

ලෝක මස්තිෂ්ක දිනය ලබන 22 වැනිදාට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව ‘ආඝාතය වළක්වා ගැනීම’ යන්නයි.

මෙරට සෑම පුද්ගලයින් 04 දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාත රෝගී තත්ත්වය සිය ජීවිත කාලය තුළ වැළඳීමේ ප්‍රවණතාව තිබෙන බව ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමය පවසනවා.

මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ඊයේ (17) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

ඊට එක්වෙමින් ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා ප්‍රකාශ කළේ, නිවසේදීම මෙම රෝගී තත්ත්වය පිළිබඳ හඳුනාගැනීම ඉතා වැදගත් බවයි.

එලෙස නිරීක්ෂණය කර බලා ඒ සම්බන්ධයෙන් රෝගී තත්ත්වයක් ඇත්නම් කඩිනමින් රෝහල්ගත වන ලෙස ද වෛද්‍යවරයා එහිදී ඉල්ලීමක් කළා.

ආඝාතය යනු එක් පැත්තකින් ජීවිත නැති කරවන අසනීපයක් බවත්, මෙරට ආගාධ රෝගී තත්ත්වය 90%කගේ දක්නට ලැබෙන බවත්, වෛද්‍ය ගාමිණී පතිරණ මහතා කියා සිටියා.

රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ට්‍රරෝල් වැඩිවීම, ස්ථූලතාවය හා දුම්පානය ආදී කරුණු ද ආඝාතය රෝගී තත්ත්වය ඇතිවීමට බලපාන බවයි වෛද්‍යවරයා පෙන්වා දුන්නේ.

මේ එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආඝාත රෝගී තත්ත්වය පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළ ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ, සභාපති, විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා,

“ආඝාතය සඳහා දැන් විශේෂ ඖෂධයක් තියෙනවා.. ඉන් රුධිර කැටිය දිය කිරීමට හැකියි.. ඒ නිසා ආඝාතය ගෙදරදී හඳුනාගෙන ළඟම තියෙන රෝහලට පැමිණීම ඉතා වැදගත්.. ආඝාතය ඇතිකරන ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා.. කට පැත්තට යෑම, අත හෝ කකුලක් පණ නැති වීම, භාෂාව හැසිරවීමේ ප්‍රශ්නයක් ඇති වීම.. ඊට අමතරව තමන්ගේ ඇස් පෙනීම නැති වෙන්න පුළුවන්.. ඒ වගේම සමතුලිතතාවයන් නැති වෙන්න පුළුවන්.. මේ සියලු දේ සිදුවන්නේ, ක්ෂණිකව.. කිසිදු දැනුම්දීමක් නෑ.. එසේ වුවහොත් ඒ සිදුවන වේලාව සටහන් කරගැනීමත් වැදගත්.. ආඝාතයේ තිබෙන දුබලතාවය අවම කරගැනීමට අපිට ඊළඟට තියෙන අවි ආයුධය තමා පුනරුත්තාපනය.. ඒ කියන්නේ තෙරපි.. භෞතික චිකිත්සක ක්‍රම, වෘත්තීය චිකිත්සක ක්‍රම, කථන චිකිත්සක ආදි වශයෙන් රෝගීයාගේ දුබලතාවය අනුව නොයෙක් චිකිත්සක භාවිත වෙනවා… මේක විද්‍යාත්මකව තමයි කරන්නේ…”

මොළය මිය ගිය එක්දරු පියාගේ වකු­ගඩු දෙක සාර්ථකව ගන්න හම්බන්තොට මහ රෝහල සමත් වෙයි.

මේක මහ­ත්තයා පිරූ දාන පාර­මි­තා­වක් වෙන්න ඇති -බිරිය කියයි

මොළය සම්පූ­ර්ණ­යෙන් මිය ගිය පුද්ග­ල­ය­කුගේ නීරෝගි අව­යව තවත් රෝගීන්ට බද්ධ කිරී­මට එම අව­යව ලබා­ගැ­නීමේ සාර්ථක සැත්ක­මක් හම්බ­න්තොට මහ රෝහ­ලේදී ඉකුත්දා (08) සිදු කෙරිණි.

මෙලෙස කළ සැත්ක­මින් මේ රෝගි­යා­ගෙන් ලබා­ගත් වකු­ගඩු දෙකක් තවත් රෝගීන් දෙදෙ­න­කුට බද්ධ කර තිබේ. හම්බ­න්තොට මහ රෝහ­ලට ඉකුත් ජූනි මාසයේ දිනක තද­බල හිසේ කැක්කු­ම­කින් පෙළෙන රෝගි­යෙක් ඇතු­ළත් කර ඇත. රෝගි­යාට කළ සීටී ස්කෑන් පරී­ක්ෂා­වට අනුව මොළයේ සිදු­වන රුධිර වහ­න­යක් සම්බ­න්ධ­යෙන් හඳු­නා­ගෙන තිබේ. ඒ අනුව මොළයේ සැත්ක­මක් කිරී­මට ගාල්ල කරා­පි­ටිය ජාතික රෝහ­ලට යොමු කර සැත්ක­මට භාජන කර නැවත හම්බ­න්තොට මහ රෝහ­ලට එවා දැඩි සත්කාර ඒක­කයේ දින කීහි­ප­යක් ප්‍රති­කාර ලබා ඇත.

හම්බ­න්තොට මහ රෝහ­ලේදී අව­යව ලබා­ගැ­නීමේ සැත්කම කළ අයුරු

මොළ­යට සිදුවී ඇති තද­බල හානි හේතු­වෙන් මොළය මිය ගොස් ඇති බව වෛද්‍ය­ව­රුන් තහ­වුරු කර ගැනී­මෙන් පසු රෝගි­යාගේ බිරිය හා ඥාතින් දැනු­ම්වත් කිරී­මට පිය­වර ගත් බව හම්බ­න්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති ජය­ව­ර්ධන මහ­ත්මිය සඳ­හන් කළාය.

ඒ අනුව මොළය මිය ගිය රෝගි­යාගේ සෙසු අත්‍ය­වශ්‍ය ශරීර අව­යව ද ටිකෙන් ටික මිය­යෑම සිදු­වන හෙයින් ඉතාම කඩි­න­මින් එම අව­යව සැත්ක­ම­කින් ඉවත් කර ගත­හොත් තවත් රෝගීන් අට දෙනෙ­කුගේ ජීවිත රැක­ගැ­නී­මට හැකි­වන බව වෛද්‍ය­ව­රුන් ඥාතීන්ට පැහැ­දිලි කරදී ඇත.

ඒ අනුව මොළය මිය­ගොස් දැඩි සත්කාර ඒක­කයේ සිටින මේ රෝගි­යාගේ බිරි­යගේ සහ ඥාතීන්ගේ අව­ස­රය අනුව වකු­ගඩු දෙක ලබා ගැනීමේ

ජීවිත දානය දුන් නිවු­ටන් ප්‍රදිප් මහතා

ජීවිත දානය දුන්
නිවු­ටන් ප්‍රදිප් මහතා

සැත්කම හම්බ­න්තොට මහ රෝහ­ලේදී කිරී­මට පිය­වර ගත් බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති ජය­ව­ර්ධන මහ­ත්මිය සඳ­හන් කළාය.

රෝගි­යාගේ ඥාතීන්ගේ කඩි­නම් තීර­ණය හා සහාය අනුව මොළය මිය­ගොස් සිටි රෝගි­යාගේ වකු­ගඩු ලබා­ගැ­නීමේ විශේෂ සැත්කම විශේ­ෂඥ වෛද්‍ය ඩී.එම්.ජී. අම­ර­සිංහ මහතා ප්‍රමුඛ හම්බ­න්තොට මහ රෝහලේ කායික රෝග විශේ­ෂඥ වෛද්‍ය කසුන් ප්‍රභා­සර, නිර්වි­න්දන විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් වන වෛද්‍ය හිරු­ෂක ද සිල්වා, වෛද්‍ය මහේෂ් ප්‍රියන්ත හා ශල්‍යා­ගා­රයේ සිය­ලුම කාර්ය­ම­ණ්ඩ­ලය මඟින් මේ සැත්කම සාර්ථ­කව සිදු කිරී­මට දායක වූහ.

මොළය මිය­ගොස් සිටින ඕනෑම පුද්ග­ල­ය­කු­ගෙන් ඉතා කඩි­න­මින් රෝගි­යාගේ පාර්ශ්වයේ සිය කැමැත්ත මත බද්ධ කළ හැකි අව­යව වන හෘද වස්තුව, අක්මාව, වකු­ගඩු, පෙණ­හලු, බඩ­වැල්, අග්න්‍යා­ශය, අස්ථි, සම හා ඇස් ලබා­ගැ­නී­මට හැකි­වන අතර එම අව­යව බද්ධ කිරී­මෙන් තවත් ජීවිත අටක් නැවත ජීවත් කර­වී­මට හැකි­වන බව හම්බ­න්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති ජය­ව­ර්ධන මහ­ත්මිය සඳ­හන් කළාය. ඒ අනුව හම්බ­න්තොට මහ රෝහලේ මෙදින කළ සැත්ක­මින් එම රෝගි­යා­ගෙන් වකු­ගඩු දෙක පම­ණක් ලබා­ගෙන තවත් රෝගි පුද්ග­ල­යන් දෙදෙ­න­කුට සාර්ථ­කව බද්ධ කිරී­ම­ටද හැකි වූ බවද ඇය සඳ­හන් කළාය.

මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දැක් වූ රෝගි­යාගේ බිරිය සන්ධ්‍යා කුමු­දුනි මහ­ත්මිය,

“මිය ගොස් සිටින්නේ මගේ සැමියා ප්‍රදීප්. ඔහුට වයස අවු­රුදු 49යි. හම්බ­න්තොට මාන­ජ්ජාව මැඩිල්ල පදිං­චිව සිටින්නේ. මහ­ත්තයා හම්බ­න්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාවේ වැඩ කළේ. එදින දවල් කෑම ගන්න හදන විට හිසේ කැක්කු­මක් ඇවිත් තිබුණා. ඒ වෙලා­වේම හම්බ­න්තොට මහ රෝහ­ලට ඇතු­ළත් කර තිබුණා. මහ­ත්ත­යාගේ මොළයේ නහ­ර­යක් පිපි­රිලා ලේ ගල­නවා කියා කරා­පි­ටිය මහ රෝහ­ලට යවා සැත්ක­මක් කළා. නැවත හම්බ­න්තො­ටට ගෙනාවා. වෛද්‍ය­වරු මට කීවා දැන් මහ­ත්ත­යාගේ මොළය මැරිලා. ජීවත් කර­වන්න තිබෙන තත්ත්වය එන්න එන්නම අඩු­වෙ­නවා කියලා. මහ­ත්ත­යාගේ ශරී­රයේ තිබෙන අනික් අව­යව ද ටිකෙන් ටික මිය යන නිසා වකු­ගඩු දෙක සැත්ක­ම­කින් ලබා­ගත හොත් තවත් ජීවි­ත­යක් බේරා ගැනී­මට පුළු­වන් කීවා. මගේ මහ­ත්තයා මිය­යන බව මම හොඳ­ටම දැන­ගෙන තවත් ජීවි­ත­යක් වෙනු­වෙන් ශරී­රයේ කොටස් දන් දෙන්න මහ­ත්ත­යාගේ නාම­යෙන් මමත් දරු­වාත් පවුලේ අයත් කැමැත්ත පළ කළා. ජීවිත දානය දන්දීලා ශරීර කොටස් දීම කළා. මහ­ත්තයා මට අද අහිමි වුණත් මම නොහ­ඳු­නන තවත් රෝගී පුද්ග­ල­යන්ට මගේ මහ­ත්ත­යාගේ ශරී­රයේ කොටස් බද්ධ කර ඒ අය ජීවත් කර­වීම මගේ මහ­ත්තයා කළ දාන පාර­මි­තා­වක් වෙන්න ඇතැයි මා සිත­නවා.”