Fri. Sep 20th, 2024

රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (18) අලුයම රික්ටර් මාපක ඒකක 7 ක ප්‍රභලත්වයකින් යුතු භූකම්පනයක් සිදුව තිබෙනවා

මෙම භූ කම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද පසුව එය සුනාමි තත්ත්වයක් නොවන බවට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පැසිපික් සාගරයේ භූ කම්පන ක්‍රියාකාරී තීරයක මෙම භූ කම්පනය හටගෙන ඇති අතර පළමු භූ කම්පනයෙන් පසුව පසු කම්පන කිහිපයක් ද සිදුව ඇති බව සඳහන්.

මෙම මුහුදු ප්‍රදේශයේ සක්‍රීය ගිනි කඳු කිහිපයක් ද පවතී.

භූකම්පනයෙන් සිදු වූ හානියක් හෝ තුවාල පිළිබඳ කිසිදු වාර්තාවක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *