ලංගම බස් රථ 685 ක් මැයි දිනයට.

0
101

පක්ෂ හයක නියෝජිතයන් මැයි දිනයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ 685 ක් මුදල් ගෙවා ලබාගෙන ඇතැයි සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසුවා.

එම නියෝජිතයන් විසින් බස් රථ 1500 ක් මුලින් ඇනවුම්කර තිබූ බවද සභාපතිවරයා සඳහන් කළා.

ලංකා කම්කරු කොංග්‍රසය , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය , සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය හා කඳුරට ජනතා පක්ෂයේ නියෝජිතයෙන් විසින් එම බස් රථ ලබාගෙන තිබෙනවා.

දිවයිනේ ප්‍රාදේශික දොළහෙන් උතුරු නැගෙනහිර හැරෙන්නට අනෙකුත් ප්‍රාදේශික දහයෙන් එහි ප්‍රාදේශික කළමනාකරුවන් විසින් මෙම බස් රථ සපයා ඇතැයි ඔහු පැවසුවා.

මේ සඳහා වැඩිම බස් රථ ප්‍රමාණය වන බස් 148 ක් සබරගමුව ප්‍රාදේශිකය මගින් සපයා ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here