පොල් ගෙඩියක් රුපියල් 4000යි.

0
105

යාපනයේ සංගානෙයි ප්‍රදේශයේ ඤාණවෛරවර් කෝවිලේ පැවැති වෙන්දේසියකදී පොල් ගෙඩියක් රුපියල් 4000 බැගින් වෙන්දේසිවී තිබෙනවා.

කෝවිල් උත්සවයේදී පොල්ගෙඩි 14ක් දෙවියන් වෙනුවෙන් කැප කොට පූජා කිරීමෙන් පසුව ඒවා බැතිමතුන් ඉදිරියේ වෙන්දේසි කළ අවස්ථාවේදී එතරම් ඉහළ මිලකට පොල් අලෙවි කෙරුණා.

පොල්ගෙඩි 13ක් මින් පෙරදා (23) අලෙවි වී ඇත්තේ එකක් රුපියල් 2000කට වඩා වැඩි මිලකටයි.

යාපනයේ සංගානෙයි මාවඩි තරුණ සංගමය විසින් මෙවර කෝවිලේ උත්සවය සංවිධානය කොට තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here