සේදවත්තේ මධුෂ්ට ඇමතුම් 800 ක් දුන් කොස්තාපල්.

සේදවත්තේ මධුෂ් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සබඳකම් පවත්වමින් ඔහුට දුරකථන ඇමතුම් 800 ක් දුන් පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්තව රාජකාරී කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකි.

පෙරේදා (24 ) කුරුණෑගල විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය හා හෙරොයින් ළඟ තබාගත් වරකාවැහැර, මොරතිහ ප්‍රදේශයේ 30 හැවිරිදි මත් ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර .
මෙම මත් ජාවාරම්කරුට අයත් ජංගම දුරකථන පරීක්ෂාවේදී මෙම පොලිස් කොස්තාපල්වරයා සමග දුරකථන ඇමතුම් වාර 40 ක් පමණ ගෙන ඇති බවට අනාවරණය වී තිබුණා.

විෂ මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත්තේ ඊයේ (25 ) අලුයමයි.

එහිදී කරන ලද වැඩිදුර විමර්ශනවලට අනුව මෙම පොලිස් කොස්තාපල්වරයා සේදවත්තේ මධුෂ් නමින් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට දුරකථන ඇමතුම් වාර අටසීයක් පමණ ගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *