Sat. Jul 27th, 2024

ලොව උසම ස්ථානය වන නේපාලයේ එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කළ මිනිසා ලෙස, තමා විසින් පිහිටුවා තිබූ වාර්තාව යළිත් වරක් අලුත් කිරීමට නේපාලයේ කමි රිටා අද (මැයි 12) සමත් වුණා.

ලොව ජනප්‍රිය කඳු නගිනෙකු වන මේ වනවිට 54 වියේ පසුවන කමි රිටා කා අතරත් ජනප්‍රිය වී සිටින්නේ, ‘එවරස්ට් මිනිසා’ යන අන්වර්ථ නාමයෙන්.

ඔහු මෙවර එවරස්ට් කඳු මුදුනට ලගා වී ඇත්තේ 29වැනි වරට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නේපාලය ලෝකයේ උසම කඳු මුදුන් 10න් අටකම නිවහන වන අතර, ඉන් ලොව උසම ස්ථානය වන එවරට් කන්ද මීටර් 8,849 (අඩි 29,032)ක උසකින් යුත්ත වෙනවා.

එවරස්ට් කන්ද තරණය කිරිම සිතන තරම් ලෙහෙසි කටයුත්තක් නොවන අතර, එය ජීවිතයත් මරණයත් අතර සටහනක් හා සමානයි.

කෙසේ වෙතත් කමි රිටා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වෙන්නේ.

පසුගිය වසරේ කඳු නගින්නන් 600කට වැඩි පිරිසක් එවරස්ට් කඳු මුදුන තරණයට ගොස් ඇති වුවත්, දැඩි සීතල හා අධික හිමපතනය නිසා ඉන් 18 දෙනෙකුම මරණයට පත්ව ඇත.

එය එවරස්ට් කන්ද තරණයට ගොස් වැඩිම පිරිසක් මරණයට පත්වූ අවස්ථාවද වෙනවා.

තත්ත්වය එසේ වුවත්, නේපාල බලධාරීන් මෙවරද විදේශීය කඳු නගින්නන් සිය ගණනකට කඳු නැගීමේ බලපත්‍ර නිකුත් කර ඇති බව සඳහන්.

එමෙන්ම මෙම කාලය එවරස්ට් තරණයට යහපත් කාලගුණික තත්ත්වයක් ඇති බවද වාර්තා වෙනවා.

කමි රීටාට පෙර එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කර තිබුණේ නේපාලයේම පසන්ග් දාවා නම් පුද්ගලයෙකු විසිනි.

ඔහු 27ත් වතාවක් එවරස්ට් තරණය කර තිබි ඇත.

කමි රිටා පළමුවරට එවරස්ට් තරණය කළේ 1994 දී වන අතර, එතැන් සිට සෑම වසරකම පාහේ එවරස්ට් තරණය කර තිබෙනවා.

ඔහුට එවරස්ට් මිනිසා යන අන්වර්ථ නාමය හිමිවීමට එයද හේතුවක් වී ඇත.

කමි රිටා විදේශීය කඳු නගින්නන් සඳහා අත්‍යවශ්‍ය මාර්ගෝපදේශකයෙකු ලෙසද කා අතරත් ගෞරවයක් හිමිකරගෙන සිටියි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *