Paththare

Official Paththare Web Portal

“…මට ඔයාව එපා.. හැංඟි හැංඟි වෙස් බැන්ඳට නටන්න වෙන්නෙ එළියේ..”

බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණු මේ වෙනස්ම විදිහේ ආදර කතාවට දස දෙසින් ආශිර්වාද ද හිමිවුණා. පසුව ඔවුන් දෙදෙනා විවාහ දිවියට පිවිසුණා. කොහොම වුණත්, මේ දෙන්නාගේ විවාහය දෙදරා ගිය ප්‍රවෘත්තියක් මේ වන සැළ වෙනවා. සමාජ මාධ්‍ය තුළ මේ දෙදෙනාගේ යැයි සැළකෙන හඬ පටයක් ද හුවමාරු වෙමින් පවතිනවා.

රාජ් සිය මුහුණු පොතට ද මේ බව කියමින්, සටහන් කිහිපයක් එක් කර තිබුණා.

“නීත්‍යානූකූල අයිතිය මට තිබුණත් නදී ආදරේ කාටද එයා එක්ක නදී ඉන්නවා නම් මගේ සතුට එච්චරයි.. මම ඩිවෝස් එක දාන් නෑ. නදීනේ දාන්න ඕන. දාන්න කියන්න.. මම එන්නම් ඩිවෝස් එකට උසාවියට. බයවෙන්න එපා මම එන්නම්”