කසාදයයි රැකියාවයි එකම දවසේ.

0
157

හම්බන්තොට දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 375 දෙනකුට ගුරු පත්වීම් ලබා දීමේ උත්සවය දකුණු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර ශාලා ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු අවස්ථාවේ මනමාලියක ද පැමිණ තම ගුරු පත්වීමට අදාළ ලිපිය ආණ්ඩුකාරවරයා අතින් ලබා ගැනීම විශේෂත්වයක් වුණා.

අම්බලන්තොට ප්‍රදේශයේ දිලිණි මධුෂිකා නම් මනාලිය මෙලෙස ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අතින් තම පත්වීම ලබා ගත්තා.

දිලිනි මදුෂිකා පැවැසුවේ තමන් මනාලියක වූ දිනයේම තමන්ට ගුරු පත්වීමක් ලැබීම ඉතාමත් සතුටු ගෙන දෙන අමතක නොවන සිද්ධියක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here