අර්බුද සමයේ ඉන්ධන අතුරුදන් වෙලා.

0
127

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවලින් අර්බුද සමයේ පිටතට රැගෙන ගිය ඇතැම් ඉන්ධන තොග අතුරුදන් වී ඇති බවට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

එම කාරක සභාව හමුවට ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරීන් කැඳවා සිදුකළ ප්‍රශ්න කිරිමේදී මේ පිළිබඳ අනාවරණය වී ඇති බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පැවසුවා.

අර්බුද සමයේ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ දත්ත ගබඩා තුළ පවතින දත්ත සිතා මතා විනාශ කර ඇති බවද මෙහිදී අනාවරණ වී තිබෙනවා.

මෙරටට අවශ්‍ය ගල් අඟුරු තොග පතල්කරුවන්ගෙන් සෘජුවම ආනයනය කිරීමට ලංකා අඟුරු සමාගමේ අවදානය යොමුවී ඇති බවද නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා වැඩිදුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here