Mon. May 20th, 2024

හරි හිමින් ගමනක් යනවා වුණත් ”ෂෙරිල් ඩෙකර්” කියන නම එදත් අදත් එක ලෙසම ජනප්‍රියයි.

ඒකට හේතුව ඈ රංගනයෙන් දායක වුණු මතකයේ රැඳෙන නිර්මාණ.

අදටත් ඈ වඩාත් ජනප්‍රිය ඒ චරිතවල නමින්.

එවන් ජනප්‍රියත්වයක් ඇති ඇයට ලැබුණු හිතාගන්නවත් බැරි තරමේ රසික ආදරයක් තමයි මේ.

අපේ ජීවිතවලට වඩාත් සමීප, අපේ හදවතේ ඉඩක් ගත්තවුන්ව ඇරෙන්න වෙනත් අයෙක්ව මේ විදියට ටැටූවක් කරගන්න හිත දෙන්නෙ නෑනෙ නේද.

ඉතින් එයින්ම පැහැදිලියි ෂෙරිල් වෙනුවෙන් ඇති රසික ආදරය සහ ආකර්ෂණය කොතෙක් ද යන්න.

මේ ඊට ෂෙරිල් ලබාදුන් ගෞරවය…

”ඇත්තටම මම මේ tattoo එක දැක්කාම ගොඩක් shock උනා.

මොකද මේක ඇත්තක්ද කියලා හිතාගන්න බැරි උනා.

මට හිතුනේ මම මෙච්චර වාසනාවන්ත ද මේ වගේ ආදරයක් රසිකයෙක්ගෙන් ලබන්න.

ඒකට හේතුව විදිහට මම දකින්නේ මම කරපු නිර්මාණ වලට මම සාදාරනයක් කරා කියන එක සහ ගුණාත්මකභාවයෙන් යුතු නිර්මාණ වලට මම දායක උනා කියන දේ.

මම දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා තවමත් නොඅඩුව මට රසිකයින්ගේ ආදරය ලැබෙන නිසා

ඇත්තටම මම මේ ක්ශෙස්තයට ඇවිත් දැන් අවුරුදු 18 ක කාළයක් වුනත් නොඅඩුව ලැබෙන රසික ප්‍රතිචාර අදටත් මට ලැබෙන්නේ මොකක් හෝ කරපු පිනකට වෙන්න ඇති.

ආදරණීය මල්ලි ඔයාට මුලු හදවතින්ම ස්තූතියි කියනවා.

දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔයාට ප්‍රාර්ථනා කරනවා.

ඉතින් මට ආදරය කරන ඔබටත් වෛර කරන ඔබටත් ජේසු පිහිටයි !

ෂෙරිල් ඩෙකර් ”

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *