Sat. Jul 27th, 2024

ඉරාන තානාපති A. Delkhosh මහතාට පහරදී ඔහු මෝටර් රථයේ බොනට්ටුව මතට වැටීමෙන් අනතුරුව මීටර් 15ක් පමණ ඉදිරියට ධාවනය කර අනතුරට ලක්කල කොළඹ හතේ ව්‍යාපාරිකයෙකු ව අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලීසිය පවසනවා.

තානාපතිවරයා කොළඹ 02 මුත්තයියා පාර ප්‍රදේශයේ පිහිටි සාප්පු සංකීර්ණයක රථගාලට සිය රථය ඇතුළු කරන අවස්ථාවේදී තවත් මෝටර් රථයක රියදුරෙක් සමග ආරවුලක් හටගෙන තිබුණා.

එහිදී එම පුද්ගලයා තානාපතිවරයාට පහරදී එම ස්ථානයෙන් පළායාමට උත්සාහ දරා ඇතැයි පැවසෙනවා.

එහිදි තානාපතිවරයා සිය මෝටර් රථයෙන් බිමට බැස පළා යාමට උත්සාහ දරමින් තිබූ මෝටර් රථයේ බොනට්ටුවට අත තබාගෙන පොලිස් නිලධාරීන් පැමිණෙනතුරු සිටින ලෙස මෝටර් රථයේ රියදුරට දැනුම් දී ඇති අතර එම අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු විසින් මෝටර් රථය පණ ගන්වා ඉදිරියට ධාවනය කර ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එම අවස්ථාවේදී තානාපතිවරයා බොනට්ටුව මතට වැටී ඇති අතර සැකකාර ව්‍යාපාරිකයා, තානාපතිවරයාද සමග මෝටර් රථය මීටර් 15ක් පමණ දුරට ධාවනය කර නවතා ඇති අතර එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පැමිණ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 07 වෝඩ් පෙදෙසේ පදිංචි වයස අවුරුදු තිස්තුනක පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කළා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *