ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්, ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව රැක්කා

සර්වජන ඡන්ද බලයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව රැකි එකම රට ශ්‍රී ලංකාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමිනුයි, ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේ. එය රැක ගැනීමට තමන් කැපවන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසට ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත කෙටුම්පත ගැසට් කර ඇති පසුබිමකයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ ‘ධුර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා’ යන වචනය වෙනුවට ‘ධුර කාලය පස් අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ’ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය පස් අවුරුද්දක් ඉක්මවා යන වචනය ආදේශ කිරීමෙන් මෙම සංශෝධනය සිදු වනු ඇති.

කෙසේ වෙතත් මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ, එය ගැසට් නොකරන ලෙසට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා සිටියා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *