Thu. Sep 19th, 2024

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට හෙටින් (14) අවසන් වනවා.

එය දහවල් 12න් පසුව අවසන් වන බවයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා පුද්ගලයින් 32 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඉන් 17 දෙනෙකු පිළිගත් සහ වෙනත් දේශපාලන පක්ෂ නියෝජිතයන් බව සඳහන්.

ස්වාධීන අපේක්ෂකයින් 15 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බවයි, මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ.

ඊයේ (12) දින පස් දෙනෙකු ඇප මුදල් තැන්පත් කළා.

ඒ අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ උතුරු – නැගෙනහිර පක්ෂ විසින් යෝජනා කළ දෙමළ පොදු අපේක්ෂක පී. අරියනෙන්ද්‍රන් යන මහත්වරුන් ඇප තැන්පත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

මේ අතර ජනාධිපතිවරණය සඳහා අනිද්දා පෙරවරු 9.00ට නාමයෝජනා භාරගැනීම ආරම්භ වනවා.

එම කටයුතු පෙරවරු 11 දක්වා සිදු කෙරෙන බවයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන්‌ කළේ.

එම කාලය තුළ මැතිවරණ කාර්යාලය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථ වාහන සැලසුමක් ක්‍රියාත්මක කෙරෙනවා

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *