Sat. Apr 19th, 2025

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු මියගියා.

එහිදි ගායන ශිල්පිණී කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලැබු අතර කලක් කොළඹ ජාතික රෝහලෙත් පසුව පෞද්ගලික රෝහලකත් නේවාසිකව ප්‍රතිකාර ලැබූ ඇය මේ වන විට නිවසට ගොස් තිබෙනවා.

මේ වන විට ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන් වනවා

By Aloka