අවමංගල නිවසක ලයිට් දමන්න ගොස් හතරකට විදුලි සැර වැදිලා.

නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ දී විදුලිසැර වැ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා සහ තවත් සිව්දෙනෙකු එකතුව ප්‍රදේශයේ පැවති අවමංගල නිවසක් තිබ‍ූ මාර්ගයට ආලෝකය ලබා දීමට විදුලි බල්බ සවි කිරීමට කටයුතු කරමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, විදුලි බල්බ සවිකිරීමට යොදා ගත් වයරය මාර්ගයේ තිබු අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් මෙම පුද්ගලයින්ට විදුලිසැර වැදී ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40 වයසැති තිහාරිය කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විදුලි සැර වැදුණු අනෙක් පුද්ගලයින් සිව්දෙනා වතුපිටිවල රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටිනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *