කුලියාපිටියේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර මාදම්පේ කැලෑවක.

0
80

කුලියාපිටියේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමු වී තිබෙනවා.

හලාවත මාදම්පේ ප්‍රදේශයේ කැලෑවක තිබියදී මෙම සිරුර සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කර සිටියේ.

මෙසේ ජීවිතක්ෂයට පත් වූයේ කුලියාපිටිය – වෙරළුගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සුසිත් ජයවංශ නම් ආහාර අලෙවිසැලැක් පවත්වාගෙන ගිය තරුණයෙක්.

පසුගිය 22 වැනිදා සුසිත් සිය මිතුරකු සමග කුලියාපිටිය වස්සාමුල්ල ප්‍රදේශයේ පදිංචි සිය පෙම්වතිය බැලීමට ගොස් තිබුණා.

එහි ගිය පසු ඔහු මිතුරාට පවසා තිබුණේ නැවත යන ලෙසත්, දුරකතන ඇමතුමක් ලබාදුන් විට ආපසු පැමිණෙන ලෙසයි.

එසේ වුවත් ඉන් පසු සුසිත් පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වූයේ නෑ.

ඒ අතරතුර සුසිත්ගේ 18 හැවිරිදි පෙම්වතිය, ඇගේ මව, පියා මෙන්ම වයස අවුරුදු 08 සහ 12 වයස්වල පසුවන සහෝදරියන් දෙදෙනාද නිවසින් පළා ගොස් තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධව පොදුජන පෙරමුණේ වයඹ පළාත් හිටපු ප්‍රධාන මන්ත්‍රීවරයෙකුගෙන් ද ප්‍රශ්න කිරීම් සිදු කළා.

ඒ මෙම තරුණයාගේ පෙම්වතියගේ පියා වන සිඟිති නම් පුද්ගලයා මෙම දේශපාලඥයා සමඟ සමීප සම්බන්ධතා පවත්වන බවත්, වරින් වර ලබා දුන් දුරකථන ඇමතුම් සහ සුසිත්ගේ අත් පා බැඳ මෝටර් රථයක නංවාගෙන එක්තරා දේශපාලනඥයකුගේ නිවෙසට රැගෙන ගොස් ඇති බවට ලැබුණු තොරතුරු මතයි.

එමෙන් ම මෙම තරුණයා පැහැර ගැනීම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන රථය මැයි 04 වැනිදා මාතලේ විල්ගමුව ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී සොයා ගනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here