ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළට.

මෙරට නිල සංචිත වත්කම් 2024 අප්‍රේල් මාසයේදී 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක් ව පැවති නිල සංචිත වත්කම්වල අගය 2024 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 5.43ක් දක්වා වැඩිවී තිබේ.  

මූල්‍ය හුවමාරු එකඟතාවක් යටතේ චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ද ඊට ඇතුළත් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පැවසීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *