මනමාලිවත් පෝරුවේ තනිකරලා මනමාලයා කරපු වැඩේ.

ඉන්දියාව කියන්නේ ක්‍රිකට් උන්මත්තකයන්ගෙන් අඩුවක් නැති රටක්. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ.

ඒ නිසා ක්‍රිකට් වෙනුවෙන් ඉන්දියාවේ හරි හරියට අමුතු අමුතු දේවලා සිද්ධ වෙනවා.

මේ කියන්නෙත් ඒ වගේ කථාවක්.

ලංකාවේ අපිත් අයි.පී.එල්. තරගාවලියේ ඒ ඒ කණ්ඩායම් අනුව බෙදිලා ඉන්නවා.

නුවන් තුෂාර ගහන හන්දා අපේ සමහරු මුම්බායි ඉන්දියන්ස්ට සපෝට් කරනවා.

මතීෂ පතිරණයි, මහිෂ් තීක්ෂණයි චෙන්නායි වෙනුවෙන් ක්‍රීඩා කරන නිසා අපිනම් චෙන්නායිට කියනවා.

ඒ වගේ මේ දවස්වල ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේත් සියලු ඇස් යොමුවෙලා තියෙන්නේ තමන්ගේ ප්‍රාන්තය නැතිනම් තමන් ප්‍රියකරන කණ්ඩායම දිනන බලාපොරොත්තුවට.

මේ පාර අයි.පී.එල්. තරගාවලියේ අතිශය තීරණාත්මක තරගයක් චෙන්නායි හා බැංගලෝරු අතර ඊයේ (18දා) පැවැත්වුණා.

ඒ තරගයෙන් අගනා ජයක් ලැබීමට බැංගලෝරු කණ්ඩායම් සමත් වූ අතර, ඔවුන් ප්ලේ ඕෆ් වටයේ සිය ස්ථානයත් වෙන්කරගත්තා.

මේ තරගය පැවැත්වෙද්දී, ඉන්දියාවේ එක්තරා ප්‍රදේශයක විවාහ උත්සවයක්ද පැවැත්වුණා.

ඒ උත්සවය උග්‍ර බැංගලෝරු ක්‍රීඩා ලෝලීන්ගේ විවාහ උත්සවයක් කිව්වත් වරදක් නැහැ.

ඔවුන්ගේ උද්යෝගය කොතෙක්ද කියනවානම්, විවාහ උත්සවයේ ප්‍රධාන වේදිකාවට පසෙකින් පුළුල් රූපවාහිනියක ඒ වනවිට පැවැත්වෙමින් තිබූ බැංගලෝරු – චෙන්නායි තරගය මංගල සාදයට පැමිණෙන අයට නැරඹීමට සලස්වා තිබුණා.

එහි බොහෝ දෙනෙකුගේ අවධානය තිබුණේද, එම උත්සවයට වඩා ඒ තරගයට.

එහි විශේෂත්වය වූයේ තරගය නරඹන්නන් අතර ඉදිරියෙන්ම සිටියේ මනමාලයා වීමයි.

ඒ වනවිට පැමිණෙන හිතමිත්‍ර ආදීන් මනාල යුවල සමග ඡායාරූප ගැනීමේ අවස්ථාව යෙදී තිබුණත්, මනමාලයට ඒ සියල්ලට වඩා අංක එක වී තිබුණේ බැංගලෝරු ජය.

ඒ හේතුවෙන් ඔහු මනමාලිවත් අමතකර යාළුවෝ සමග තරගය නරඹමින් සිටියා.

ඒ හේතුවෙන් ඔහුව බලෙන්ම නැවත හරවා යැවීමට සිදු වූ අතර, එලෙස යද්දී “කසාදෙනෙම් කොයිවෙලේ කරගන්න බැරිද, ඒ වගේද කෝලිලා දිනනවා බලන එක” යනුවෙන් කියා යන්නට ඇතැයි වීඩියෝ නරඹන ඕනම කෙනෙකුට සිතෙනු ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *