2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම පිණිස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඒ අනුව ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත 2025 වර්ෂය සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් තනි අදියර ද්විත්ව කවර ක්‍රමය යටතේ ලංසු කැඳවා තිබුණි.
ඒ සඳහා M/s OQ Trading Limited සහ M/s Siam Gas Trading Pte Ltd යන ආයතන දෙක පමණක් ලංසු ඉදිරිපත් කර තිබේ.
තාක්ෂණ ඇගයීමේදී M/s Siam Gas Trading Pte Ltd විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ප්‍රතික්ෂේප වී ඇත.
ඒ අනුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු වශයෙන් M/s OQ Trading Limited වෙත 2025 වර්ෂය සඳහා වන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම පිණිස මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව අමාත්‍ය හේරත් පැවසීය.