Sun. Sep 8th, 2024

හිටපු ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26දා) පෙරවරුවේ ත්‍රීරෝද රථයෙන් පැමිණි පුවත දේශපාලන වේදිකාවේ කථාබහට ලක් වූ කරුණක් වුණා.

අතුරුගිරියේ පිහිටි විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් පැවැති අතර, ඒ සඳහා සිරිසේන මහතා සහභාගි වූයේ සාමාන්‍ය මගී ප්‍රවාහන ත්‍රීරෝද රථයකින්.

තමාගේ මෙම වෙනස්වීමට හේතුව ලෙසින් ඒ මහතා පවසා සිටියේ, මැතිවරණ නීතිවලට ගරු කරමින් රජයේ වාහන භාවිතා නොකොට ත්‍රීරෝද රථයකින් පැමිණි බවයි.

කෙසේ නමුත් ආසන සංවිධායකවරුන්ගේ හමුව අවසන්වීමෙන් මාධ්‍ය විමසා සිටියේ, ආවේ නම් ත්‍රීවිල් එකෙන් දැන් කොහොමද යන්නේ…? යනුවෙන්.

ඊට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, කිහිප දෙනෙකු ඉල්ලීමක් කළා ඒ අයගේ වාහනේක යමු කියලා යනුවෙන්.

ඒ අනුව ත්‍රිරෝද රථයෙන් පැමිණි සිටිසේන මහතා පිටව ගියේ මෝටර් රථයකින්.

මාධ්‍ය – ඔබතුමා ආවේ නම් ත්‍රිවීල් එකේ, දැන් කොහොමද යන්නේ

සිරිසේන මහතා – “ඔව් මේ කිහිප දෙනෙකු කිව්වා යමු කියලා ඒගොල්ලන්ගේ වාහනේක.

මේක මගේ වාහනේ නෙමෙයි. හිනිඳුම සංවිධායක තුමාගේ වාහනේ” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා ‌මෝටර් රථයට ගොඩවෙමින් පවසා සිටියා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *