Thu. Sep 19th, 2024

සමගි ජනබලවේගයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් අගොස්තු මස 16 වැනිදා ආරම්භ කරන බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

ඒ අනුව සමගි ජනබලවේගයේ මංගල රැළිය අගොස්තු මස 16 වැනිදා කුරුණෑගලදී පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේ.

අද (12) සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මේ බව කියා සිටියා.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් දිවයින පුරා මැතිවරණ ප්‍රචාරක රැළි 100 ක් සංවිධානය කර ඇති බව ඔහු එහිදි සඳහන් කළා.

මධ්‍යම ප්‍රමාණයේ රැස්වීම් 400ක් පමණ පැවැත්වීම කටයුතු සූදානම් කර තිබෙන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *