Sun. Sep 22nd, 2024

දේශපාලන පක්ෂ මැයි දින රැලි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් මෙවර වැය කර ඇතැයි අප කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණය වුණා.

උද්ධමනකාරී තත්වය හේතුවෙන් මැයි රැලි සංවිධාන කිරීමට ඉතිහාසයේ වැඩිම මුදල වැය කිරීමට මෙවර සිදුවූ බව දේශපාලන පක්ෂ නායකයෝ පවසනවා.

දේශපාලන පක්ෂ වැඩි මුදලක් මෙවර වැය කර ඇතැයි පැවසෙන්නේ මැයි රැලිවලට ජනතාව රැගෙන ඒම සඳහා ප්‍රවාහන වියදම් වෙනුවෙනි.

සෙසු මුදල් වැයවී ඇත්තේ වේදිකා සකස් කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර ලබා ගැනීම සහ ආලෝක කරන කටයුතු, රැස්වීම් අවට ප්‍රදේශ සැරසිලි කිරීම, පාක්ෂිකයන්ට ආහාර පාන ලබාදීම යනාදී කටයුතු වෙනුවෙනි.

මැයි රැලි සහ පෙළපාළි සංවිධාන කිරීම සඳහා බොහෝ දේශපාලන පක්ෂ අරමුදල්වලින් වැඩිම බර පැනක් දරූ බව සඳහන් කරන පක්ෂ නායකයෝ ආසන සංවිධායකවරුන් සහ විවිධ දානපතීන් ද මැයි රැලි සංවිධාන කිරීමට උදව් කළ බව ප්‍රකාශ කරනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසුවේ ජාතික ජන බලවේගයේ මැයි දින සැමරුමට මෙවර වැඩිම මුදලක් වැය කිරීමට සිදුවූ බවයි.

ජාතික ජන බලවේගයේ මැයි දින රැස්වීම් දිස්ත්‍රික්ක හතරක පැවැත්වුණ හෙයින් වියදම එසේ ඉහළ ගිය බව ද ඔහු සඳහන් කළා.

වේදිකාව, ශබ්ද විකාශන, ආලෝක පද්ධති සහ සුළු ප්‍රචාරණ කටයුතු කිහිපයකට පමණක් පක්ෂ මූලස්ථානය වියදම් දරන බවත් සෙසු වියදම් සියල්ල දිස්ත්‍රික්කවල සංවිධායකවරුන් ඒකාබද්ධවී දරන බවත් සිල්වා මහතා ප්‍රකාශ සිටියා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *