මීටර් නැති ත්‍රීරෝද රථවලට වැඩ වරදියි.

ජංගම දුරකථන ආධාරයෙන් ගාස්තු අය කරන ත්‍රිරෝද රථවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේ.

එම අධිකාරිය සඳහන් කළේ මගී ප්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථවල ඇතුළත ඉහළ වම් කෙළවරේ ගාස්තු සඳහන් මීටරයක් මගියාට දර්ශනය වන පරිද සවිකර තිබීම අනිවාර්ය බවයි.

එලෙස සිදුනොකරන ත්‍රිරෝදවලට එරෙහිව ලබන ජූලි 01 වැනිදා සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ජංගම දුරකථන ආධාරයෙන් මගීන්ගෙන් ගාස්තු අය කරන ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් පැමිණිළි 0112 860 860 යන අංකයට පැමිණිලි කරන ලෙස ද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *