මුහුද මැද සිදුකළ ඝා#තනයේ තොරතුරු හෙළිවේ.

0
82

බේරුවල ධීවර වරායේ සිට මුහුදු ගොස් සිටිය දී බහුදින ධීවර යාත්‍රාවක සිදු වූ ඝාතනය සම්බන්ධයෙන් වන සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.

මෙම බහුදින ධීවර යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ පසු ගිය 9 වනදා දහවල් කාලයේදීයි.

එහි සිටි එක් ධීවරයෙකු විසින් තවත් ධීවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර සෙසු පිරිසට ද පහර දී ඇති බවට යාත්‍රාවේ ස්කීපර්වරයා කළ දැනුම් දීමක් මත බේරුවල පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සැකකරු 36 හැවිරිදි කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මියගොස් ඇත්තේ 49 හැවිරිදි මග්ගොන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම ධීවර යාත්‍රාවේ මියගිය ධීවරයාට අමතරව පැදවුම්කරු, සැකකරු සහ තවත් ධීවරයින් දෙදෙනෙකු සිට තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here