පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයන් 4ක්.

0
87

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ඇතුළු සිවු දෙනා සම්බන්ධයෙන් එන සතියේ තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසෙනවා.

මේ අතරින් වැඩිම අවධානය යොමුවී ඇත්තේ ධම්මික පෙරේරා මහතා වෙත බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවයි.

ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට තවම හදිසියක් නැතැයිද ඔහු සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here