මුජිබුර් රහුමාන් දිවුරුම් දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන් මහතා අද (10) දිනයේ දිවුරුම් දුන්නා.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදීය.

ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පත් කිරීමට එම පක්ෂය තීරණය කළා.

ඒ අනුව එම නම ඇතුළත් ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ඊයේ (09) ප්‍රකාශයට පත් කර තිබුණා.

ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *