රාජ්‍ය සේවකයින්ගේ වැටුප දැනෙන ගාණකින් වැඩි කරන්න යයි. ලබන මාසේ සිට ක්‍රියාත්මක වෙන ලකුණු

0
190

විධායක නොවන සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 5000කින් ඉහළ දැමීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වමින් මෙරට ජාතික පුවත්පතක් සඳහන් කළේ, එය ලබන මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇති බවයි.

ඒ අනුව පසුගියදා ඉහළ දැමූ රුපියල් 10,000ක දීමනාව ද සමඟ රුපියල් 15,000ක් සෑම සේවකයකුටම හිමි වනු ඇති.

රජයේ සේවකයන්ගේ වැටුප් පිළිබඳ සමාලෝචනය කර ලබන වසරේ සිට ඔවුන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා කමිටුවක් ද පත් කර තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන්.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම කමිටුවට යෝජනා කර ඇත්තේ, ජනාධිපතිවරණයට පෙර මෙම වසරේ වැටුප් වැඩි කළ යුතු බවටයි.

ඊට මුදල් අමාත්‍යංශය සිය විරෝධය ප්‍රකාශ කර ඇති බව ද සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here