රූම් ගිය තරුණයාගෙන් පොලිසිය අල්ලස් අරන්.

0
105

තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්, කොස්තාපල් හා සිවිල් පුද්ගලයා ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පැමිණිලිකාර තරුණයා පිළියන්දල ප්‍රදේශයේ හෝටලයක තරුණියක සමග සිටියදී සැකකරුවන් තිදෙනා විසින් සෝදිසියකට ලක් ලක්කර මුදා හැරීමට නම් ලක්ෂ තුනක මුදලක් ලබා දෙන ලෙසට බිය ගන්වා ඇති බව අල්ලස් කොමිසම කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ළද පැමිණිල්ල අනුව ලක්ෂ දෙකක මුදලක් රාජකාරී නිල ඇඳුමින් සිට තරුණයාගෙන් ලබා ගැනීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන අවසන් කර කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස දන්වමින් සැකකරුවන් 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here