සරසවි සිසුවියට හිරිහැර කළ තරුණයන් අත්අඩංගුවට.

0
68

විශ්වවිද්‍යාල සිසුවියකට හිරිහැර සිදුකළ තරුණයන් 06 දෙනෙකු හැටන් දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන් කළ මෙම තරුණයන් 06 දෙනා එම දුම්රියේ ම ගමන් ගත් විශ්වවිද්‍යාල තරුණියකට අවස්ථා කිහිපයක දී හිරිහැර වන ආකාරයෙන් දුම්රිය තුළ හැසිරී ඇති බව වාර්තා වනවා.

අදාළ තරුණිය විසින් මේ පිළිබඳව සිය දෙමව්පියන් දැනුවත් කර පසුව හැටන් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් හැටන් දුම්රිය ස්ථානයේ දී අදාළ තරුණයන් 06 දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ඔවුන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ඇති අතර අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද සඳහන්.

සැකකාර තරුණයන්ගෙන් මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ව අද හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here