”අඩු වයසකදී විශාල වගකීම් සහිත තනතුරක් ජීවිත කාලය තෙක් දැරීමට ලැබීම මා ලද භාග්‍යයක්”

විනූ උදානි කියන්නෙ නව පරපුරේ අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම නිවේදිකාවක්.

නිතර නිතර නිර්මාණ ඔස්සේ ඇස නොගැටුණාට මොකද, විනූගේ ජනප්‍රියත්වය නම් මදක් හෝ අඩුවෙලා නෑ.

මෙරට ජනප්‍රියම තාරකාවන් අතර ඇගේ නමත් උඩින්ම කියවෙනවා.

විනූට තියෙන්නෙ හරි හිමින් ගමනක්. ගමන හිමින් වුණාට ඒ තුළින් ඈ අත්කරගෙන ඇති සාර්ථකත්වය නම් සුළුපටු නෑ.

ඒක ඇගේ කලා ගමනට වගේම පෞද්ගලික ජීවිතේටත් පොදු වුණු කාරණාවක්.

ගෙවුණු වසරේ (2023) ඇය සිය නමට තවත් වටිනාකමක් එක්කාසු කරගන්න සමත්කම් දැක්වූවා.

ඒ සාමවිනිසුරු තනතුරෙන් පිදුම් ලබමින්.

එහෙම තනතුරක් ලද ඈට මෙවර (2024) තවත් සුවිශේෂී අවස්ථාවකට සහභාගී වෙන්න ආරාධනා ලැබිලා.

ඒ ගැන ඇය සිය සමාජ මාධ්‍ය වේදිකාවන්හි මෙලෙස සටහනක් තබා තිබුණා….

”මෙවර සාමවිනිසුරු පත්වීම් ප්‍රදානෝත්සවයේ ආරාධිතයෙකු ලෙස සහභාගි වීමට ලැබීම මා ලද භාග්‍යයකි.

එසේම අඩු වයසකදි විශාල වගකීම් සහිත වටිනාකමක් ඇති තනතුරක් ජීවිත කාලය තෙක් දැරීමට ලැබීමද මා ලද භාග්‍යයකි.

ඔබේ දියුණුවට සුභ පතන, උදව් කරන අයට වඩා කකුලින් අදින පිරිස වැඩි වේවී.

ඒත් ඔබ ඔබේ වගකීම් අවංකව ඉටුකරන්න.

එවිට කිසිවෙකුට ඔබේ ගමනට බාධා කල නොහැක.

Vinu Siriwardana”

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *