සජබ මාලිමාවට දින ලබාදෙයි.

0
78

සමගී ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා දින නියම කරමින් සමගි ජන බලවේගය විසින් ලිපියක් යවා තිබෙනවා.

සමඟි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් ඒ සඳහා වන ලිපිය යවා ඇති අතර එහි දැක්වෙන්නේ පළමුව දෙපාර්ශවයේ ආර්ථික කමිටු අතර විවාදය පළමුවෙන් තැබිය යුතු බවයි

ඒ අනුව ඒ සඳහා මැයි මස 27, 28, 29, 30,සහ 31 යන දිනයන් යෝජනා කර ඇති අතර ඉන් පහසු දිනයක් තෝරා ගන්නා ලෙස ජාතික ජන බලවේගයට දැනුම් දී තිබෙනවා.

මේ අතර දෙපාර්ශවයේ නායකවරුන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසනයාක අතර විවාදය සඳහා ජුනි මස 3, 4, 5, 6, හෝ 7 අතර දිනයක් තෝරා ගැනීමට යෝජනා කර ඇත්තේ.

එසේම එම විවිවාද දිනයන් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයෙන් කඩිනම් පිළිතුරක් අපේක්ෂා කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් අදාළ ලිපියේ සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here