Sun. Sep 22nd, 2024

රී පාද වන්දනා වාරය මේ මස (24) දිනයෙන් අවසන් විමෙන් පසු ශ්‍රී පාදයේ සංචාරය කිරිමට පැමිණිමට විදේශිකයන්ට පමණක් අවසර ලබාදෙන බවත්, දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවෙකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට අවසර ලබා නොදෙන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.

ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් ඒ බැව් කියා සිටියේ 2023-2024 වර්ෂය සදහා ශ්‍රී පාද වන්දනා වාරය මේ මස (24) දිනයෙන් අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා අද දින පස්වරුවේ නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති දැනුවත් කිරිමේ වැඩසටහනකට එක්වෙමිණි.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දැනුවත් කිරිමේ වැඩසටහනේදි වැඩිදුරටත් අදහස් දැක් වු බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් කියා සිටියේ අවාරයේ ශ්‍රී පාදයේ සංචාරය සදහා පැමිණෙන දේශිය සංචාරකයන් ශ්‍රී පාද පුදබිම සහ පරිසරයට විශාල ලෙස හානි සිදු කරන නිසා අවාරයේ ශ්‍රී පාදස්ථානය සංචාරය කිරිමට අවසර ලබා නොදිමට තිරණය කල බවයි.

අවාරයේ ශ්‍රී පාදය සංචාරය සදහා සියළුම මාර්ග ඔස්සේ පැමිණෙන දේශිය සංචාරකයන්ට අවසර ලබානොදෙන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සහ නල්ලතන්නිය පොලිසියෙන් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් ඉල්ලිමක්ද සිදු කලහ.

නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල සංචාරක හෝටලයකට අලුතින් මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් මතු වු විරෝධයක් සම්බන්ධයෙන්ද මෙම රැස්විමේදි විශේෂ අවධානය යොමු කෙරිණ.

මෙහිදි නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සහ ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ එම සංචාරක හෝටලයට මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරිමට විරෝධතා ඉදිරිපත් කිරිමට අවස්තාවක් ලබාදෙන බවත්, එහිදි විරෝධතා මතු වන්නේ නම් එම සංචාරක හෝටලයට මත්පැන් බලපත්‍රය නිකුත් කිරිමට අහෝසි කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය.

මෙම රැස්විමේදි අදහස් දැක් වු නල්ලතන්නිය වෙලද සංගමයේ ලේකම්වරයා කියා සිටියේ දැනට නල්ලතන්නිය නගරයේ සංචාරක හෝටල් කිහිපයකට සංචාරක මණ්ඩලය විසින් බියර් බලපත්‍ර කිහිපයක් ලබා දි ඇති බවත්, එම බලපත්‍රයේ සදහන් කොන්දේසි උල්ලංඝනය කරමින් එම සංචාරක හෝටලයේ හිමිකරුවන් ශ්‍රී පාද වන්දනාකරුවන්ට බියර් අලෙවි කිරිම නිසා නල්ලතන්නිය නගරය පුරාම බියර් බෝතල් මුඩි සහ හිස් බියර් ටින් වලින් පරිසරය අපිරිසිදු වි ඇති බවයි.

2023-2024 ශ්‍රී පාද වන්දනා වාරය (24) දිනයෙන් අවසන් විමෙන් පසු ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව , දේව ආභරණ සහ පුජා භාණ්ඩ යුධ හමුදාවේ සහය සහ රාජ්‍ය අනුග්‍රහය ඇතිව නල්ලතන්නිය බගවන්තලාව හරහා බලංගොඩ මාර්ගය , නල්ලතන්නිය අවිස්සාවේල්ල රත්නපුර මාර්ගය , ශ්‍රී පාද රත්නපුර රජ මාවතෙන් සහ තුරුවිට එරත්න යන මාර්ග හතර ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කර (24) දින රාත්‍රියේ සහ (25) දින අලුයම පැවැත්වෙන පුරාණ චාරිත වාරිත්‍ර කිහිපයක් පැවැත්විමෙන් අනතුරුව මාර්ග හතරක් ඔස්සේ වැඩම කල සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව , දේව ආභරණ සහ පුජා භාණ්ඩ ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් තැන්පත් කර තබන බවයි.

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය සාර්ථකව අවසන් කිරිමට උපකාර කල සියළු දෙනාට ස්තුතිය පුද කල ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් ශ්‍රි පාදස්ථානය පුජනිය ස්ථානයක් ලෙස සලකා කටයුතු කරන ලෙසට සියළු පාර්ශවයන්ගේ ඉල්ලිමක් සිදු කලා.

මෙම සාකච්ඡාවට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවනි සිතාරා ගමගේ මහත්මිය , නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශිය ලේකම්වරිය , රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් රැසක් සහභාගී විය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *