සේප්පු කඩා “කෝටි ගණන් උපයා” සැපගත් තරුණයා.

0
102

වෙන්නප්පුව අංගම්පිටිය සමූපකාර ග්‍රාමීය බැංකුවේ සේප්පුවක් කඩා රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් හා මුදල් සහ ජා ඇළ කණුවන ප්‍රදේශයේ සමූපකාර ග්‍රාමීය බැංකුවක සේප්පුව කඩා රුපියල් කෝටි දෙකකට ආසන්න රන් ආභරණ සහ මුදල් සොරා ගෙන ගිය බව කියන තරුණයෙක් බස්නාහිර උතුරු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල මඩපාත පදිංචි අවුරුදු තිහක් වයස තරුණයෙකි.

මොහු තදින්ම කැසිනෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී සිටින්නකු බවත් ඒ සඳහා මුදල් සොයා ගැනීමට මෙම සොරකම් සිදුකර ඇති බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවීයැයි පොලිසිය සඳහන් කරනවා.

මෙම බැංකු දෙක කඩා සොරා ගත් රන් භාණ්ඩ තොගය විකුණා ලබාගත් මුදල්වලින් රාත්‍රී සමාජ ශාලාවලට ගොස් ක්‍රීඩාවට කැසිනෝ ක්‍රීඩා කළ බව සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි කර ඇතැයි සඳහන්..

වෙන්නප්පුව අංගම්පිටිය සමුපකාර ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා ඒ තුළ තිබියදී සොරා ගත් රුපියල් කෝටි හයක මුදලකින් කොටසක් වියදම් කර වෙන්නපුව ප්‍රදේශයේ අයකුගෙන් මොහු මෝටර් රථයක් ද මිලදී ගෙන ඇතැයි පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here