Sat. Jun 7th, 2025

වෛද්‍ය ශිෂ්‍යාවක් අපයෝජනයට ලක්කළ පාසල් සිසුවෙකු ජා-ඇළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ විසි දෙහැවිරිදි ජාඇල නිවන්දම ප්‍රදේශයේ පදිංචි තරුණියක් බව වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගත් පාසල් සිසුවා දාහත් හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව සඳහන්.

ප්‍රේම සම්බන්ධතාවක් දෙදෙනා අතර තිබී ඇති බවටද කරුණු විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පාසල් සිසුවා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

By Aloka