Thu. Sep 19th, 2024

පොදු ප්‍රවාහන සේවා සඳහා යෙදවීමට තීරණය කර තිබූ විද්‍යුත් බස් රථ සංඛ්‍යාව 50 සිට 200 දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීමට නියමිතය.

බස්නාහිර පළාත ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් ධාවනයට යෙදවීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් වශයෙන් විද්‍යුත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2023.02.27 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණි.

එහෙත්, එම ව්‍යාපෘතිය මගින් අපේක්ෂිත ප්‍රතිලාභ තහවුරු කරගනිමින් එකී බස් රථ මගින් වැඩි මාර්ග ප්‍රමාණයක් සඳහා පොදු ප්‍රවාහන පහසුකම් සැලසීමට හැකිවන අයුරින් යෝජිත ව්‍යාපෘතිය යටතේ ධාවනයේ යොදවනු ලබන විද්‍යුත් බස් රථ සංඛ්‍යාව 200ක් පමණ දක්වා මෙලෙස ඉහළ නැංවීම වඩාත් යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය යටතේ ප්‍රසම්පාදනය කරනු ලබන විද්‍යුත් බස් රථ සංඛ්‍යාව 200ක් දක්වා ඉහළ නැංවීම වෙනුවෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *