අපි අඬනවද හිනාවෙනවද කියල කල්පනා කරන්න ඕනි.. මේ අපේ ජාතික ගීය, Re-make කරන්න Re-mix කරන්න මේ වෙන සින්දුවක් නෙමෙයි,| හැමෝම කතාවෙන උමාරා ගයපු ජාතික ගීය

ජනප්‍රිය ගායිකාවක් වන උමාරා සිංහවංශ 2023 LPL සමාරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කරන අතරතුර ප්‍රධාන පද රචනයක් වැරදි ලෙස උච්චාරණය කිරීමෙන් පසු සමාජ මාධ්‍යවල කතාබහට ලක් වුණා… ඇය නැවත නැවතත් ගීය ‘නමෝ නමෝ මාතා’ වෙනුවට ‘නමෝ නමෝ මහතා’ ලෙස ගායනා කරමින් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළ අතර, ඒ සම්බන්ධව සියලුම සමාජ මාධ්‍ය හරහා #Mahatha…

ජනප්‍රිය ගායිකාවක් වන උමාරා සිංහවංශ 2023 LPL සමාරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කරන අතරතුර ප්‍රධාන පද රචනයක් වැරදි ලෙස උච්චාරණය කිරීමෙන් පසු සමාජ මාධ්‍යවල කතාබහට ලක් වුණා…

ඇය නැවත නැවතත් ගීය ‘නමෝ නමෝ මාතා’ වෙනුවට ‘නමෝ නමෝ මහතා’ ලෙස ගායනා කරමින් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළ අතර, ඒ සම්බන්ධව සියලුම සමාජ මාධ්‍ය හරහා #Mahatha #mahatha #මහතා යන හැෂ් ටැගය යොදාගනිමින් විවිධ ආකාරයෙන් Posts පළවුනා..

මේ ඒ සම්බන්ධව මුහුණුපොතේ පළ කර තිබූ ලිපියක්…

“අයියෝ අපේ ජාතික ගීය

මහතා

LPL පටන්ගන්නකොටම ගම කෑව නෙ… ජාතික ගීය කියන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද ලංකාවෙ..

නමෝ නමෝ මහතා??

උමාරාගෙ Remix

අහන්නකො…

lpl2023

SriLankaCricket

umara

පසුව ලියමි..
මේ සිද්ධියට අපි අඩනවද හිනාවෙනවද කියල කල්පනා කරන්න ඕනි.. මේ අපේ ජාතික ගීය.. Re make කරන්න Re mix කරන්න මෙ වෙන සිංදුවක් නෙමෙයි.. ජාතික ගීය ගයනකොට ඇහෙනකොට ලොකු අභිමානයක් දැනෙන්න ඕන.. මෙච්චර වයසට ගිහිල්ල රටේ ජාතික ගීය හරිහැටි කියාගන්නවත් බැරි එ වචන පැහැදිලිව උච්චාරනය කරගන්නවත් බැරි කෙනෙකුට මෙ වගකීම පැවරීමම වැරැද්දක් කියල මට හිතෙන්නෙ.. මුලිං “මාතා ” කියල උච්චාරණය කරල පස්සෙ “මහතා” වෙන්න හේතුවක් තියෙන්නෙ එපැයි.. ඊට එහා තව මට තේරුන දේවල් ටිකක් තියෙනව.. ඒව කියන්න ගියොත් ලොකු අවුලකට මුල වෙන්න පුළුවන්.. ඊට එහා මම මුකුත් කියන්නෙ නෑ.. “

Ranjula Fernando RJ