කොළඹ ජාතික රෝහල ඇතුළේ කුලී ත්‍රිරෝද රථ ගාලක්.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය පිහිටි ගොඩනැගිල්ලෙහි ප්‍රධාන ගේට්ටුව දීර්ඝ කාලයක සිට වසා දැමීම හේතුවෙන් රෝගීහු අසීරුතාවට පත්ව සිටිති.

මෙහි රෝගීන්ට පවා ඇතුළු වීමට විවෘතව ඇත්තේ කුඩා ගේට්ටුවක් පමණි. රෝහලට ඇතුළුවන රෝගීන් පරීක්ෂා කර බලා ලියාපදිංචි කර වාට්ටුවලට යොමු කරන්නේද මෙම ගොඩනැගිල්ල තුළය. එහෙත් ඊට ඇතුළු වන ගේට්ටුව වසා දමා තිබීම හේතුවෙන් රෝගීන් අසීරුතාවට පත්ව සිටින අතර පෙරේදා (27 වැනිදා) එම ගේට්ටුවෙන් ගමන් කළ රෝගියකු බිම ඇද වැටී තුවාල සිදුව තිබිණි.

එසේම ප්‍රධාන ගේට්ටුව වසා තිබුණද ත්‍රිරෝද රථ කිහිපයක් පමණක් රෝහල් භූමියේ ගාල් කර තිබෙනු දක්නට හැකිය. මේවායේ රියැදුරන් ගේට්ටු අසල සිටින මුරකරුවන්ට රුපියල් පනහක පමණ සන්තෝසමක් ලබා දී රෝහල් භූමියට දෛනිකව පිවිසෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් “අරුණ’’ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් රෝහල් භූමිය තුළට ඇතුළු වීම වැළැක්වීමට සහ ත්‍රිරෝද රථ ගාල් ඇති කර ගැනීම වැළැක්වීමට මෙලෙස ප්‍රධාන ගේට්ටුව වසා දමා ඇති බවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *