ග්‍රාම සේවා නිලධාරීන් 4000ක් බඳවා ගැනීමට සැරසෙයි.

පුරප්පාඩු පවතින ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නව බඳවාගැනීම් කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අ‍ශෝක ප්‍රියන්ත මහතා පවසයි.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් ඊට අදාළ පියවර ගැනීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අ‍ශෝක ප්‍රියන්ත මහතා මෙම අදහස් පළකර තිබුණි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *