Sat. Jul 27th, 2024

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම හේතුවෙන් අගෝස්තු මස 16 වනදා වන විට සමනල වැව ජලාශයේ විදුලි උත්පාදනය සම්පූර්ණයෙන්ම ඇනහිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (08) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ මේ තත්ත්වයෙන් මිදීමට විකල්ප විදුලිය මිල දී ගැනීමකට යා නොහැකි දිස්ත්‍රික්ක කිහිපයකට පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බවය.

“අගෝස්තු මස 16 වනදා වෙද්දි සමනල වැව ජලාශයෙන් විදුලි උත්පාදනය සම්පුර්ණයෙන්ම ඇනහිටිනවා. ඒක සම්පුර්ණයෙන් ඇනහිටුනාම අපිට විකල්ප විදුලිය මිලදී ගැනීමක් නැත්නම් අනිවාර්යයෙන්ම මාතර දිස්ත්‍රික්කය, ගාල්ල, රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් යන්න වෙනවා. ඒ විදුලිය මිලදී ගැනීමක් සිදුකළේ නැත්නම්. දවල් කාලයේ පැයයි රාත්‍රී කාලයේ පැය දෙකයි. ඒ නිසා අපි ඉල්ලීමක් කරා අපිට විදුලිය කප්පාදු කරන්න බෑ. පහුගිය මාර්තු මාසයේදීත් ඉල්ලීමක් කරලා තිබුණා මාස තුනකට හතරකට සමහරවිට අපිට අවශ්‍ය වෙයි කියලා. ඒ අනුමැතියම හෝ පාවිච්චි කරලා අපිට විදුලිය මිලදී ගන්න අවශ්‍ය වෙයි. ඒ විදුලිය මිලදී ගන්නවා නම් අපිට තියෙන්නේ දකුණු පළාතට සම්බන්ධ කරන්න පුළුවන් බලාගාර තුනයි. මේ තුනෙන් අපිට කැඳවීම් කරන්න වෙනවා. අපේ පැත්තෙන් වතුර නිදහස් කරන්නේ නැත්නම් විදුලි උත්පාදනයට කිසිම ගැටලුවක් නෑ. වතුර නිදහස් කරන නිසා අගෝස්තු 15 සිට සහතික කරන්න අඛණ්ඩ විදුලිබල සැපයුමක් තියන්න විදුලිය මිලදී ගැනීමක් කරන්න වෙනවා. ඒක ප්‍රසම්පාදනය තුළ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *