Sat. Jul 27th, 2024

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයේ එළවළු ටොන් 3 ක් පමණ ඊයේ (06 වැනිදා) දිනයේ එහි කසළ අංගණයට බැහැර කිරීමට සිදුවූ බව එහි පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග මහතා පැවැසීය.

එසේම, ගතවූ දින දෙක තුන ඇතුළත එළවළු ටොන් 8 ත් 10 ත් අතර ප්‍රමාණයක් ඉවත දැමීමට සිදුවූ බවද ඒ මහතා කීය. මීට හේතුව පාරිභෝගික ජනතාවගේ මෙන්ම සිල්ලර වෙළෙඳුන්ගේ පැමිණීමේ අඩුව බව ද හෙතෙම සඳහන් කළේය.

තවදුරටත් කතාකළ හෙතෙම මෙසේද කියා සිටියේය.

“මැනිං මාර්කට් එකේ එළවළු විශාල ප්‍රමාණයක් විසිකරන්න වුණා. මේ විසිකරපු එළවළු අතර කැරට්, රාබු, ලීක්ස්, ගෝවා, බීට් රූට් වැනි එළවළු තියෙනවා. මහා අපරාධයක්. අද (06දා) එළවළු මිල ඉතා පහත මට්ටමකයි තියෙන්නේ. ගොවියෝ එවන එළවළු මේ විසි කරන්නේ. පාරිභෝගිකයන් එන ප්‍රමාණය එන්න එන්නම අඩුවෙලා. අපි කිව්වා පිටකොටුව ඉඳලා නුවර, ගම්පහ, මීගමුව යන බස් මේ මාර්කට් හරහා යන්න පහසුකම් ඇතිකරන්න කියලා. මේ ගැන බලධාරීන් මේවන තෙක් අවධානය යොමුකරලා නැහැ. බලන්න එළවළු කුණුගොඩ. කුණු ගොඩ ගැහිලා.”

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *