Sun. May 19th, 2024

මෙරට ජනගහනයෙන්, බහුතරයක් එනම් සියයට 70 දශම 9 ක් පසුගිය මාස 12 තුළ කිසිදු මධ්‍යසාර වර්ගයක් භාවිත කර නොමැති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

සියයට 29 දශම 1 ක ප්‍රමාණයක් පසුගිය මාස 12 තුළ මධ්‍යසාර භාවිත කර ඇති අතර ඉන් සියයට 43 දශම 3 ක් පිරිමි පුද්ගලයින් සහ සියයට 2 දශම 8 ක් කාන්තාවන් වනවා.

මධ්‍යසාර භාවිතය අඩු කිරීම සඳහා වඩාත් පොදු හේතුව වී ඇත්තේ මධ්‍යසාර මිල වැඩි වීමයි.

එමෙන්ම වැඩිහිටියන්ගෙන් බහුතරයක් ඵලදායි මිලකරණ ප්‍රතිපත්තිවලට කැමැත්තක් දක්වන අතර සියයට 73 ක්ම මධ්‍යසාර මිල ඉහළ දමන ක්‍රියාමාර්ගවලට කැමැත්තක් දක්වන බවයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *