Tue. May 14th, 2024

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර සීමාසහිතව පාරිභෝගිකයන්ට නිකුත් කිරීමට සතොස තීරණය කර තිබේ.

දේශීය බිත්තරයක මිල අසීමිත ලෙස ඉහළ යාම හේතුවෙන් ආනයනික බිත්තර සඳහා දැඩි ඉල්ලුමක් පවතින අතර ඒවා මිලදී ගැනීම සඳහා සතොස ශාඛා ඉදිරිපිට පාරිභෝගිකයින් පෝලිම් ගැසී සිටී.

සතොසට දිනකට බිත්තර මිලියනයක් නිකුත් කෙරෙන අතර ඒවා කළමනාකරණය කර ගනිමින් සෑම පාරිභෝගිකයෙකුටම බිත්තර ලබා දීමේ අරමුණින් මෙම සීමා කිරීමේ තීරණය ගෙන තිබේ.

ඒ අනුව බිත්තරයක් රුපියල් 35ක මිලකට බිත්තර 30ක් එක් පාරිභෝගිකයෙකුට මිලදී ගැනීමේ හැකියාවක් පවතින අතර එම ප්‍රමාණය ඉදිරි දින කිහිපය තුළදී සීමා කරන බව සතොස පවසයි.

මේ අතර බිත්තර අලෙවිසල් හිමියන් දේශීය රතු බිත්තරයක් රුපියල් 60කට සහ සුදු බිත්තරයක් රුපියල් 58 ක සිල්ලර මිලකට අලෙවි කරනු ලබයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *