Sun. Apr 28th, 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සියලු දේශපාලන පක්ෂ එක්ව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිම කාලීන අවශ්‍යතාවක් බවය.

“එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙක් පක්ෂ එකතුවෙලා මේ රට සංවර්ධනාත්මක ගමනකට ගෙනියන්නේ. ඒ වගේම රටේ ලේසි ගමනක් නෙමෙයි යන්නේ. අඳුරු ගමනක්. එසේ වුවත් යම් විදියේ ඉදිරි දැක්මක් සහිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් යනවා. ජනතාවට සම්පූර්ණයෙන්ම සහාය ලැබිලා නැති වුණාට තිබුණ ආගාධයෙන් ගොඩ ඇවිල්ලා මේක සුරක්ෂිත කරලා ඉදිරියට කටයුතු කරන එක තමා අපිට පේන්න තියෙන්නේ. 2024 ජනතාවටත් රටට සුබදායි වසරක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.”

ප්‍රශ්නය – ජනාධිපතිවරණයට කවුද අපේක්ෂයා විදියට කවුද ඉදිරිපත් කරන්නේ ?

“ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික දේශපාලන ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කිරීම අනිවාර්යෙන්ම වෙනවා. සියලු පක්ෂවල එකතුවක් වශයෙන් තමා මේක කරන්නේ. නොයෙක් අය තරග කරන්න කැමතියි. නමුත් අමාරු අවස්ථාවක රටක අරාජිකත්වයට නායකත්වය දෙන එවැනි ස්වරූප තියෙන පුද්ගලයින් බොහෝම සීමිතයි.” 

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *