දකුණු ආසියාවේ මිල අධිකම හෝටල් ගාස්තුව ලංකාවේ.

පැවති ආර්ථික අර්බුදය හමුවේ බිඳවැටුණු සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීම සඳහා ප්‍රමාණවත් පහසුකම් ලබා දී නොමැති බව සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ බැංකු ණය වාරික ඉහළ යාම මෙන්ම ජල හා විදුලි ගාස්තු ඉහළ යාම වැනි සාධක මීට බලපා ඇති බවයි.

මෙම වාරය උදාවීමත් සමග මෙතරම් සාර්ථක වාරයක් බලාපොරොත්තු නොවුන බවත් මෙම තත්ත්වයට මුහුණ දීමට මෙවර සිදුවූයේ සංචාරක ව්‍යාපාර ලබා ගන්නා ආධායම් බැංකු වාරික ගෙවීමට සිදුවුණ තත්ත්වයක් යටතේ බවයි උණවටුන හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති නිමල් ගීගනගේ පවසන්නේ.

මේ හේතුවෙන් සංචාරකයන් බලාපොරොත්තුවෙන පහසුකම් ලබා දීමට හැකියාවක් ඇති නොවුන බවත් නිෂ්පාදන වියදම් දෙගුණයක් දක්වා ඉහළ යාමක්ද සිදුවූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් අසාමාන්‍ය ලෙස සංචාරක ව්‍යාපාරයේ නියුතු හෝටල් සිය ගාස්තු ඉහළ නැංවීමට සිදුවු බවත් මේ හේතුවෙන් දකණු ආසියාවේ ඇතැම් හොටල් හා සංසන්දනය කිරීමේදි ඉහළම හෝටල් ගාස්තු මිල පවතින්නේ ලංකාවේ බවයි ඔහු පවසන්නේ.

මේ හේතුවෙන් මෙවර වාරයේදී රුසියානු සංචාරයකයන් රැගත් ගුවන් යානා 4න් 2ක් පෘතුගාලයට සහ තුර්කිය බලා පිටත්ව යාමට නියමිතව ඇති බව දැනගන්නට ලැබී ඇතැයිද මෙම තත්ත්වය ඇති වුවහොත් උණවටුන සංචාරක කලාපයේ හෝටල් කාමර හිස්ව පැවතීමටද ඉඩ ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *