Sat. Sep 21st, 2024

පාකිස්තානයේ හිටපු පා දඟ පන්දු යවන්නකු වන මුෂ්ටාක් අහමඩ් මේ වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතුරු බංග්ලාදේශ පිලේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

53 හැවිරිදි මුෂ්ටාක් අහමඩ් මේ මස අගභාගයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලියට පෙර බංග්ලාදේශ කණ්ඩායමට එක්වනු ඇතැයි ද වාර්තාවනවා.

මුෂ්ටාක් අහමඩ් බංග්ලාදේශ පිලේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ මීට පෙර එම තනතුරෙහි කටයුතු කළ රංගන හේරත් වෙනුවටයි.

පසුගිය වසරේ අගභාගයේදි නවසීලන්තය සමඟ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසු රංගන හේරත් එම තනතුරෙන් ඉවත් වුණා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *