Thu. May 2nd, 2024

දේශීය හෝ විදේශීය පාර්සල ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS කෙටි පණිවුඩයක් ගණුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කර ගත් ව්‍යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් සිදු වෙමින් පවතින බවයි.

ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, SL POST, Sri Lanka Post ආදී නම් යොදා ගනිමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ද උපක්‍රමිකව අවභාවිතා කරමින් මෙම ජාවාරම ක්‍රියාත්මක වන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තැපැල් දෙපාර්තමේන්තුව කෙටි පණිවුඩ මගින් ණය කාඩ්පත් තොරතුරු විමසීමක් කිසිසේත් සිදු නොකරන අතර, ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධයෙන් කිසිදු ගණුදෙනුවක් සිදු නොකෙරේ.

මහජනතාව වෙත ලැබෙන කෙටි පණිවුඩයක් සදහා සිය ණය කාඩ්පත් දත්ත වෙබ් අඩවියකට හෝ කෙටි පණිවුඩයක් මගින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් ලබාදීම සිදු නොකරන ලෙසට තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ සම්බන්ධයෙන් විමසීම් සිදුකිරීමට පහත දුරකථන අංක අමතන්න,

තැපැල් දෙපාර්තමේන්තු උපකාරක සේවාව 1950

තොරතුරු තාක්ෂණ අංශය 0112542104, 0112 334728, 0112335978, 0112687229, 0112330072

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *