Sun. Apr 20th, 2025

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය හල්කොළ පාර හොරණ ප්‍රදේශයේ පාලු ස්ථානයක අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.

යතුරුපැදියේ තිබී ආදායම් බලපත්‍ර‍ , රක්ෂණ සහතිකය , භාවිතා නොකරන ලද ජැකට් 03 , හෙල්මට් 02 සැකකරු හැද සිටි බවට සැකකෙරෙන දම්පාට අත් දිග කමිසයක්, කළුපාට ඩෙනිම් කලිසමක් , මුඛ ආවරණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි අයෙකු රත්නපුර පාර, හොරණ පදිංචි ව්‍යාපාරිකයකුට ඊයේ (05) වෙඩි තබා පළාගොස් තිබෙනවා.

By Aloka