Sun. May 19th, 2024

ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව වාර්තා වනවා.

එම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ දී අතහැර දැමීම නිසා එම යෝජනාව පිළිබඳව ජපානය සලකා නොබලන බවත් එය සලකා බැලීමට නම් නව ව්‍යාපෘතියක් ලෙස නැවත ඉදිරිපත් කළ යුතු බවත් ජපානය පවසා ඇතැයි දැනගන්නට තිබෙනවා.

නව ව්‍යාපෘතියක් ලෙස සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිරිපත් කළ ද ශ්‍රී ලංකාවට ඇති ණය ගෙවීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කර ඒ පිළිබඳව ජපානය තීරණයක් ගැනීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත සෙසු ජපාන ව්‍යාපෘති ආරම්භ කිරීමට ජපාන රජය එකගතාව පළකර ඇති අතර කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ද ඒ අතර වනවා.

ජපාන විදේශ අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය මෙරටට පැමිණ කළ සාකච්ඡාවලදී එම ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *