Thu. Sep 19th, 2024

උසස් පෙළ සමත් වුණත් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට ඔබට ඇතැම් විට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙහෙම වුණාම ගොඩක් දෙනා කරන්නේ නැවත නැවත උසස් පෙළ විභාගයට මුහුණ දී කෙසේ හෝ සරසවි වරම් ලබා ගැනීමට උත්සාහවත් වීමයි. නමුත් ඔබට අවස්ථාවක් ලැබුණහොත් පළමු වරම ඔබේ උසස් පෙළ ප්‍රතිඵල මත ඔබේ උපාධිය සම්පූර්ණ කරන්න ඔබ නිසැකවම එයට කැමැති වනු ඇත. ඒ සඳහා නිවැරදිව පාර කියන ආයතනයක් තමයි china lanaka education කියන්නේ. ඔබ කැමැති විෂය ධාරා ඔස්සේ චීනයේ විවිධ පාඨමාලා රැසක් හැදෑරීමේ අවස්ථාව ඔබට මේ තුළින් උදා කර ගත හැකිය.

ගොඩක් දෙනෙක්ගේ හීනයක් තිබෙනවා වෙනත් රටක උපාධියක් හැදෑරීමට නමුත් අධික මුදලක් වැය වීම, විශ්වාසයක් නොමැති වීම, නොදැනුවත්කම, භාෂා පිළිබඳ ගැටලු ආදී විවිධ ප්‍රශ්න නිසා ඒ හීනය හැබෑ කර ගැනීමට නොහැකිව ළතැවෙන සිසුන් ඕනෑ තරම් සිටිනවා. ඒ සියලුම දෙනාට තම විදෙස්ගත අධ්‍යාපනය හදාරන්න විශ්වාසනීය ආයතනයක් විදිහට චයිනා ලංකා එඩුයුකේෂන් (china lanaka education) ආයතනය හඳුනාගන්න පුළුවන්.

කවුරුන් වෙනුවෙන්ද?

චයිනා ලංකා එඩුයුකේෂන් මගින් සිදු කරන්නේ විශේෂයෙන්ම උසස් පෙළ සමත් නමුත් ලංකාවේ සරසවි වරම් ලබා ගැනීමට නොහැකි වුණු අයට වගේම විදෙස්ගතව උපාධිය හදාරන්න කැමැති අයට චීනය පිළිගත් විශ්වවිද්‍යාල හරහා තමාගේ උපාධිය හැදෑරීමට අවස්ථාව සලසා දීමයි. මේ සඳහා අවශ්‍ය වන්නේ ඔබ කැමැති විෂය ධාරාව ඔස්සේ උසස් පෙළ සමත් වී තිබීමයි.

අද වන විට විදෙස් අධ්‍යාපනය හැදෑරීම සඳහා දරුවන්ට අවස්ථාව ලබා දෙන මුවාවෙන් මුදල් ගසා කන ආයතන අතරේ චයිනා ලංකා එඩුයුකේෂන් බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගෙන තිබෙන ආයතනයක් ලෙස හඳුනාගත හැකියි. එහි විශේෂත්වය වන්නේ චීනයට ගිහින් චීනයෙන්ම ඉගෙනගෙන චීනයේම උපාධිධාරීන් බවට පත්ව ලංකාවට පැමිණ අපේ රටේ දරුවන්ට විදේශීය උපාධි ලබා ගැනීම සඳහා පුරෝගාමී වන පිරිසක් මෙම ආයතනයේ සේවය කිරීමයි. එම විශ්වාසය මත මේ වන විට අවුරුදු විස්සක් පමණ කාලයක් අඛණ්ඩව ළමුන් මෙම ආයතනය මගින් චීනයේ උපාධි සිහිනය හැබෑ කරගෙන තිබේ. ඒ වගේම සෑම වසරකම ළමුන් අවම වශයෙන් තිස්පහත් පනහත් අතර ප්‍රමාණයක් චයිනා ලංකා එඩුයුකේෂන් මගින් චීනයේ උපාධි හැදෑරීමට පිටත් වෙයි.

විෂය මාලාව

ඔබ කැමැති විෂය ධාරා ඔස්සේ විවිධ පාඨමාලා රැසක් හැදෑරීමේ අවස්ථාව මේ ඔස්සේ ඔබට උදා කරගත හැකිය. විශේෂයෙන්ම වෛද උපාධිය, ඉංජිනේරු උපාධිය කළමනාකරණ උපාධිය , සත්ත්ව විද්‍යාව, කෘතිම බුද්ධිය, පරිගණක විද්‍යාව, මොඩ්ලින්, විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව, සිවිල් ඉංජිනේරු විද්‍යාව, විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව, ව්‍යාපාර පරිපාලනය, සංගීතය, සූප ශාස්ත්‍ර කලාව, භාෂා අධ්‍යයනය වැනි විෂය ධාරා රැසක් යටතේ උපාධිය හැදෑරීමේ අවස්ථාව උදාකරගත හැකිය. විශ්වවිද්‍යාලවලට තෝරාගැනීමේදී අදාළ විශ්වවිද්‍යාල මගින් මූලික සරල සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වීම සිදුවිය යුතුය. උපාධි කාලසීමාවන් ගතහොත් වෛද්‍ය උපාධිය නිම කිරීමට වසර හයක් ගතවේ. අනෙකුත් උපාධි සඳහා වසර හතරක කාලයක් ගතවන අතර ඉන් පළමු වසර තුනම නොමිලේ අධ්‍යාපනය ලබා දෙන අතර අවසන් වසර සඳහා ගෙවීම් සිදු කළ යුතුයි. එමෙන්ම ඔබගේ පශ්චාත් උපාධිය ද මේ ඔස්සේ සිදු කර ගැනීමට හැකියාව ලැබෙන අතර ඒ සඳහා වසර තුනක කාලයක් ගත වෙයි.ඔබට හැදෑරිය හැකි උපාධි මොනවාද? එය කෙසේ සිදුවනවාද? ඔබට කිනම් විශ්වවිද්‍යාල යටතේ එම උපාධි හැදෑරිය හැකිද යන කාරණා සියල්ලම පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ලබා ගැනීමට වඩාත්ම සුදුසු ක්‍රමය වන්නේ චයිනා ලංකා එඩුයුකේෂන් ආයතනය සමග සමග සම්බන්ධ වීම‍යි.

උදාහරණයක් විදිහට වෛද්‍ය විද්‍යා උපාධිය ගතහොත් ලෝකෙම පිළිගත් විශ්වවිද්‍යාල දෙකක් වන ත්‍යංජිං වෛද්‍ය විශ්ව විද්‍යාලය හා ජර්ජන් වෛද්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම මෙම ආයතන මගින් සිදු කරනු ලබනවා. එමෙන්ම එම වෛද්‍ය විද්‍යා උපාධියට මෙරට වෛද්‍ය සභාවේ අනුමැතිය ද ලැබී තිබෙනවා. එමෙන්ම මේ වන විට චීනය තුළ වෛද්‍ය උපාධිය හැදෑරූ වෛද්‍යවරුන් අද වන විට ලංකාවේ බොහෝ රෝහල්වල සේවයේ ද නිරත වෙනවා.

එම උපාධි හැදෑරිය හැකි විශ්වවිද්‍යාල ලෙස

Tianjie medical university

Zhejiang university

Ningxig medical university

Tiangong university

Civil aviation university of china

Shenyang aerospace university

Tianjin university of science and technology

Southern medical university

Tianjin conservatory of music

north eaStern university

Liaoning petrochemical university

Communication university of china

මේවා හඳුනාගත හැකි අතර ඔබට මෙහි ඇති පහසුකම් එමෙන්ම විශ්වවිද්‍යාල පිළිබඳ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ සොයා බැලීමට ද හැකියාව ඇත.

භාෂා දැනුම

විදේශීය රටක උපාධිය හැදෑරීමේදී මීළඟට පැන නගින ගැටලුව වන්නේ භාෂාවයි ගොඩක් රටවල උපාධි හැදෑරීමට එම රටේ භාෂාව මෙන්ම ඉහළ ඉංග්‍රීසි භාෂා හැකියාවක් අවශ්‍ය බව පැවසේ. නමුත් මේ සඳහා ඔබට චීන භාෂාව දැන සිටීම අත්‍යවශ්‍ය වන්නේ නැත. එමෙන්ම ඉංග්‍රීසි භාෂාව සාමාන්‍ය ලෙස හැසිරවීමට හැකිවීම ප්‍රමාණවත්. ඔබගේ පහසුව සඳහා චීනයට පිටත් වීමට පෙර මෙම ආයතනය මගින් චීන භාෂාව පිළිබඳව කෙටි අවබෝධයක් ලබා දීම සිදුකරනු ලබයි. එමෙන්ම අධ්‍යයන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදුවන අතර ඔබගේ පහසුව සඳහා චීන සිසුන් සමග මුසු අධ්‍යාපන කටයුතුවල යෙදීමට අවස්ථාව සලසා දෙයි.

කොතරම් මුදලක් වැය වේද?

උපාධි හැදෑරීම සඳහා කොපමණ මුදලක් වැය වෙනවාද යන කාරණාව සලකා බැලීම වැදගත්. විෂයන් අනුව ගෙවීම් සාපේක්ෂ වේ. ඔබ දක්වන දක්ෂතා මත ඔබට උපාධිය සඳහා ශිෂ්‍යත්ව ලබා ගැනීමේ හැකියාව ද පවතී. ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර ඔබට ආයතනය හා සම්බන්ධ වීමෙන් දැන ගැනීමට හැකියාව ඇත. බොහෝ සිසුන් විදෙස්ගතව අධ්‍යාපනය ලැබීමේදී උපාධිය සඳහා අවශ්‍ය මුදල් සෙවීමත් සඳහා එහි රැකියාවන් සිදුකිරීම සාමාන්‍ය දෙයකි. නමුත් ඔබ උනන්දුවෙන් මහන්සි වී කටයුතු කර ඉහල ලකුණු පරාසයකට ගියහොත් ඔබගේ උපාධිය ශිෂ්‍යත්ව හරහා නොමිලයේ සම්පූර්ණ කිරීමේ හැකියාව ලබා ගැනීමටද හැකියාව තිබේ.

පහසුකම්

විශ්වවිද්‍යාලවල පහසුකම් පිළිබඳ කතා කිරීමේ දී අති නවීන ඉහළ තාක්ෂණය භාවිත කිරීම මෙන්ම සුවපහසු ලෙස ඉගෙනීමේ හැකියාවක් පවතී. එමෙන්ම නවාතැන් පවා ඉතාමත් සුවපහසු මෙන්ම ආරක්ෂාකාරී ලෙස සකසා දී තිබේ. ආහාරපාන ඔබට අවශ්‍ය පරිදි සකසා ගැනීමේ හැකියාව පවා පවතී. දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ආයතනය ඉතාමත් වගකීම් සහගත ලෙස කටයුතු කරන අතර ආයතනයේ සිට චීනයේ විශ්වවිද්‍යාලය දක්වා සිසුන් රැගෙන යාමත් ඔවුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමත් ඇතුළු සියලු කාරණා ආයතනය විසින් ඉටු කරනු ලබයි.

පිළිගැනීම

එමෙන්ම එම විශ්වවිද්‍යාල මගින් විශේෂයෙන්ම ඔබට චීන භාෂාව ඉගැන්වීම සිදු කරනු ලබයි. චීන භාෂාව මෙන්ම චීනයෙන් ලබාගත්තු මෙම උපාධි ලොව ඕනෑම රටක පිළිගැනීමක් සහිත වන අතර ඕනෑම රටක රැකියාවක නියැලීමේ හැකියාවක් ඇත.

උපාධිය පමණක් නොව චීනය ඉහළින්ම සලකනු ලබන විනය මෙන්ම පිළිවෙළ යනාදියේ සුවිශේෂී කරුණු කාරණාවලින් ඔබට ගොඩනැගීමේ හැකියාව මේ තුළින් උදාවනු ඇත.

අද වන විට ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල මෙම ආයතනය මගින් චීනයේ අධ්‍යාපනය ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් සේවයේ නිරත වෙයි.

ඉතින් ඔබත් මේ වන විට උසස් පෙළ සමත් අයෙක් නම් ඔබත් උපාධියක් අපේක්ෂාවෙන් සිටී නම් මෙය ඔබට ලැබිය හැකි හොඳම අවස්ථාවයි. සැප්තැම්බර් පළවෙනි සතියේ සිට මෙම විශ්වවිද්‍යාල සඳහා ළමුන් ඇතුළත් කරගන්නා අතර ඔබට මේ මස 30 වැනිදාට කලින් මේ සඳහා අයැදුම් කිරීමේ හැකියාව තිබේ. මේ සඳහා වැඩිදුර තොරතුරු ඔබට දැනගැනීමට හැකියාව www.chinalanka.lk වෙත පිවිසීමෙන් ලබා ගත හැක. ඔබට වීසා ලබා ගැනීමේ සිට උපාධිය අවසන් වන තෙක්ම මෙම ආයතනයේ සහාය ඔබට නිරතුරුවම ලබාදෙන බවට සහතික වෙයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *