Fri. Sep 20th, 2024

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද පෙ.ව 3.00ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලාත්මක වනු ඇති.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 75ත් අතර මුහුදු ප්‍රදේශවල සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 12ත් 17ත් සහ නැගෙනහිර දේශාංශ 83 සහ 93ත් අතර මුහුදු ප්‍රදේශවල) ඉතා තද සුළං (පැ.කි.මී. 70-80) පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.

ඒ අනුව අරාබි මුහුද ප්‍රදේශ හා බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

මේ අතර සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලමි.මී. 50පමණ තරමක තද වැසි ඇතිවන බව සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද සඳහන්.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *